'2020 ජනාධිපතිවර්ණය' පුවත් යාවත්වාකාලීනය - Live Update | Forum

Admin
Admin Aug 19


නිළ වශයෙන් ජනාධිපතිවර්ණයක් රටේ තවම ප්‍රකාශ වී නැතත් දිනෙන් දින ජනධිපචතිවර්ණ උණුසුම නම් රට තුල වර්ධනය වෙමින් ඇත. මෙය රටටත් රටේ මහා ජාතියට හා සුළු ජාතියට තීරණාත්මක මැතිවර්ණයක් වන නිසාත් මෙම විෂය පිලිබදව සාකච්චා මණ්ඩපයක් මෙම අඩවිය තුල ඉදිරිපත් කිරීමට අදහස් කරමි. විශේෂයෙන් 2020 ජනාධිපතිවර්ණය සම්බන්ධයෙන් හා එහි අපේක්ෂකයින් සම්බන්ධයෙන් සමාජයේ දැඩි් අවදානය යොමු වියයුතු කරුණු කාරණා මේ මණ්ඩපය තුල සාකච්චා කිරීමට සමස්ථ ජාතියේ අවදානයට ගෙනඒමට අදහස් කරමි.  
The Forum post is edited by Admin Aug 20
Share:
Admin
Admin Aug 19

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සිය ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කරයි.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ බව නිවේදනය කළේ ඉරිදා (අගෝස්තු 11) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අමතමිනි.


උපුටා ගැනීම - බීබීසී සිංහල

The Forum post is edited by Admin Aug 27
Admin
Admin Aug 19

"මුස්ලිම් ජාතිකයන්ට පල්ලි යන්න පුලුවන් රටක් අපට ඕනෑ. හැම මුස්ලිම් ජාතිකයාම ත්‍රස්තවාදියෙක් විදියට හිතන්නේ නැති පසුබිමක් ඇති කරපු රටක් අපට ඕනෑ . ඒ වගේම දෙමළ මුස්ලිම් ජනතාව රවට්ටන්‍‍නේ නැති කෙනකුයි අපේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ. අපිට ඕනෑ නීතිය රකින කෙනෙක්.


අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්මේලනය අමතනු ලැබීය. මාතෘ භූමියේ ස්වෛරී භාවයට හානියක් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබව බව පැවසීය.


උපුටා ගැනීම - බීබීසී සිංහල

The Forum post is edited by Admin Aug 27
Admin
Admin Aug 19
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සිය ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කරයි.


The Forum post is edited by Admin Aug 27
Admin
Admin Aug 19

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ලෙස අනුර කුමාර දිසානායක මහතා නම් කළේය. 

සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ 28 කින් සමන්විත ජාතික ජන බලවේගයේ කොළඹ ගාලුමුවදොර පිටියේදී මේ වන විට පැවැත්වෙන රැළියේදී මෙලෙස ඔහු ජනපති අපේක්ෂක ලෙස නම් කෙරිණි.


උපුටා ගැනීම - ලංකාදීප

The Forum post is edited by Admin Aug 27
Ibnu Saheer
Ibnu Saheer Aug 20

දඹර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්- 'දළදාව වඳින්න පුළුවන් මීනි මරුවන්ට පමණද' ?


voicetube


Ibnu Saheer
Ibnu Saheer Aug 20

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා දින 7ක් තුළ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධීකාරි මණ්ඩලය එකට කැඳවන ලෙස මන්ත‍්‍රීවරුන් 54 කගේ අත්සනින් යුතු ලිපියක් එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට භාර දුන් බව පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අද(19) පැවසීය.


උපුටා ගැනීම - ලංකාදීප

Ibnu Saheer
Ibnu Saheer Aug 20

ගෝඨාභයගේ රුව සහිත කටවුට් ඉවත්කරන්නැයි දැනුම් දෙයි

තමන්ගේ රුව ප‍්‍රදර්ශනය කරමින් දිවයින පුරා ප‍්‍රදර්ශනය කර තිබෙන කටවුට් සහ බැනර් සියල්ලම වහාම ගලවා ඉවත්කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියලූම සංවිධායකවරුන්ට දැනුම් දී තිබේ. 

 පොලිතීන් හා ප්ලාස්ටික් වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කරන බවට ගෝඨාභය රාජපක්‍ෂ මහතා පක්‍ෂ සම්මේලනයේ දී ජනතාවට පොරොන්දු විය. ඔහු මේ බව දැනුම්දී තිබෙන්නේ ඒ අනුවය.

The Forum post is edited by Ibnu Saheer Aug 27
Ibnu Saheer
Ibnu Saheer Aug 21


18 ජවිපෙ (NPP) රැළිය සහ අපි 2018 කියපු කතාව!!

Ibnu Saheer
Ibnu Saheer Aug 21


එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා කවුද?


Ibnu Saheer
Ibnu Saheer Aug 23

‘පොහොට්ටුවේ බදුල්ලේ රැළියට ගෝඨාභය ආවොත් ඔළුවෙන් හිටගන්නවා’


“බදුල්ලේ පොහොට්ටුව දිනවීමේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා ආවොත් නගරයේ ඔරලෝසුකණුව ඉදිරිපිට කිලෝ 125ක් බරැති මම ඔළුවෙන් සිටගන්නවා” යැයි ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා පැවසීය.


ඒ මහතා මේ බව පැවසුවේ අද(23) පළාත් සභාවේදී මාධ්‍ය හමුවක් අමතමිනි.


එහිදි අමාත්‍යවරයා මෙසේද කීවේය.


“බදුල්ලේ බංකොලොත් දේශපාලකයෙක් ගෝඨාභය මහත්තයා එනවා කියලා හැමතැනම බැනර් පෝස්ටර්, ගහලා ජනතාව ගෙන්වන්න හදනවා. ගෝඨාභය මහත්තයා එනවානම් කමක් නෑ. පොහොට්ටුවේම අය කියන්නේ වසර 31ක් බංකොලොත් දේශපාලනය කරලා, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඡන්දය ළංවෙද්දී ජනතාව මුලා කරන ඒ දේශපාලනඥයා නිසා බදුල්ලේ පොහොට්ටුවටත් කැළලක්ලු. මෙවනි බංකොලොත් වැඩ පක්ෂයක ඉදිරි ගමනටත් හොඳ නෑ.


එළඹෙන 24 වැනිදා බදුල්ලේ තියෙනවා කියන පොහොට්ටුවේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා එන්නේ නෑ. එතුමා එන්නේ නැති රැස්වීම්වලට එනවා කියලා ජනතාව බොරුවට ගෙන්වන්නේ මොනාටද? ජනතාව මුළා කරන්න එපා. ඒ මහත්තයා ආවොත් මම නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට ඔළුවෙන් හිටගන්නවා.


උපුටා ගැනීම - ලංකාදීප

Ibnu Saheer
Ibnu Saheer Aug 24
ජනාධිපතිවරණයට "මමත් සුදානම්" - හිස්බුල්ලා


 "අපේ කිසිම ප්‍රශ්නෙකට විසඳුම් දෙන්න බැරිවුණා. එම නිසා අපි තරග කරලා දෙවන මනාපය දීලා ඒ හරහා අපේ ප්‍රශ්න විසඳාගන්න බලනවා" යැයි බීබීසී සිංහල සේවයට පැවසු ඔහු කියා සිටියේ "සුදුසු අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කෙරෙනවා"


 "අපි තරග කරන්නේ ජනාධිපති පදවියට එන්න නොවෙයි අපි තරග කරන්නේ මේ මැතිවරණයේ දී වැඩිම ජන්ද ගන්නා අපේක්ෂකයා එක්ක සාකච්ඡා කරලා අපි එයාට දෙවැනි මනාපය දෙන්න උත්සහ කරනවා. අපි එයත් එක්ක අපේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඒ අනුව එයාට සහාය දෙනවා. තරග කරන පක්ෂය තීරණය කරලා නෑ." 


 උපුටා ගැනීම - BBC SINHALA

The Forum post is edited by Ibnu Saheer Aug 24
Ibnu Saheer
Ibnu Saheer Aug 24

ප්‍රශ්නය:-

ජනාධිපතිවරණයක දී සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් නොවුනහොත් නැවත ඡන්ද විමසීමක් (Re Poll) සිදුවේ ද?


පිළිතුර:-

එසේ නැවත ඡන්ද විමසීමක් (Re Poll) කිරීමක් අවශ්‍ය නොවේ. අපේක්ෂකයන් තිදෙනෙකුට හෝ එයට වැඩි පිරිසක් තරඟ කළහොත් පමණක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් හා එකක් එනම්50% වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ අවශ්‍යතාව මතු වේ.


මේ පිළිබඳව උදාහරණ සහිතව මෙසේ පැහැදිලි කර ඇත.


ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඡන්දදායකයින්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප භාවිත කරමින් ඡන්දය දිය හැකිය.


කැමැත්ත එක් අපේක්ෂකයකුට පමණක් නම් අවශ්‍ය 1 පමණක් ද යෙදිය හැකි ය. නැතහොත් සුපුරුදු කතිරය (x) යෙදිය හැක.


A, B, C, D සහ E යනුවෙන් අපේක්ෂකයින් පස් දෙනෙකු තරඟ කරන්නේ යැයි ද සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් වන බව ද උපකල්පනය කරමු. එවිට ඒ ඒ අපේක්ෂකයා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව මෙසේ යැයි සිතමු.


A= 40, B = 35, C= 15, D= 6, E= 4


මේ අනුව තරගය පවතින්නේ පළමුවන්නා හා දෙවැන්නා වූ A සහ B අතර පමණක් වේ. සෙසු තිදෙනා C, D, E තරගයෙන් ඉවත් කෙරේ. පළමු හා දෙවන ස්ථාන ලබාගත් A හා B ගේ ඡන්ද පත්‍රිකාවල ලකුණු කර ඇති මනාප පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත.


අනතුරුව ඡන්ද 15ක් ලබා ගත් C ගේ ඡන්ද පත්‍රිකා සියල්ල සලකා බලනු ලැබේ. C සඳහා කතිරය පමණක් සලකුණු කර ඇති ඡන්ද ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එමෙන්ම 1 පමණක් සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එසේ කරන්නේ ඒවායේ වෙනත් අයකුට මනාප ප්‍රකාශ කර නොමැති බැවිනි.


එම ඡන්ද පත්‍රිකාවල 1, C සඳහා ද 2, A හෝ B, සඳහා ලකුණු කර ඇති නම් A සඳහා ලකුණු කළ ඡන්ද පත්‍රිකා A ට වෙන් කර ඇති පෙට්ටියට ද B සඳහා ලකුණු කර ඇත්නම් B සඳහා වෙන් කර ඇති පෙට්ටියට ද දමනු ලැබේ.


C සඳහා 1 ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවල 2 ඉලක්කම හෙවත් 2 මනාපය සටහන් කොට තිබුණේ D හෝ E සඳහා නම්, 3ඉලක්කමක් හෙවත් 3 මනාපය එහි සටහන් තබා ඇත් ද යන්න පරීක්ෂා කර බලා 3 සටහන් කොට නොමැති නම් එය ද පසෙකින් තබනු ලැබේ. 2 ඉලක්කම D හෝ E සඳහා වූ විට 3 සටහන් කර ඇත්තේ A සඳහා හෝ B සඳහා නම්


එම ඡන්ද ප්‍රතිකා අදාළ වන පරිදි A ගේ සහ B ගේ ඡන්ද සඳහා වෙන් කළ පෙට්ටිවලට දමනු ලැබේ. එහෙත් 2 මනාපය D සඳහා ලබා දී 3 සටහන් කොට ඇත්තේ E සඳහා නම්, එවිට E තරඟයේ නොමැති බැවින් එය ද පසෙක තබනු ලැබේ.


2, E සඳහා ලබා දී 3, D සඳහා දී ඇත්නම් එය ද ඒ අයුරින්ම පසෙක තබනු ලැබේ. ඒ අයුරින් D හා E ලබාගත් ඡන්ද 2,3 මනාප අනුව A හා B වෙත ලබාදීම හෝ පසෙක තැබීම කරමින් මෙම ඡන්ද 25ම A හෝ Bවෙත එකතු කිරීම හෝ නොසලකා හැරීම සිදු කරනු ලැබේ.


එසේ බෙදීමෙන් A සඳහා අමතර ඡන්ද 03ක් ද B සඳහා ඡන්ද 10ක් ද ලැබුණේ යැයි උපකල්පනය කළ විට A ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 43 ක් ද ( A= 40+3 = 43) ද B ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව (B = 35+10 = 45) 45 ක් ද වනු ඇත.


දැන් වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 88 කි. A ගේ සහ B ගේ සමස්තයේ එකතුව එනම් 43 + 45 = 88 කි. මෙහි දී එයින් අඩකට එනම් 45 ක් ලබා ගන්නා ලද B හට මෙහි දී ජයග්‍රහණය හිමි වේ.


මෙහි දී වලංගු ඡන්ද සංඛ්‍යාව 100 ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51 ක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත.


• මෙහිදී A ට අමතර ඡන්ද 8ක් ද B ට අමතර ඡන්ද 5ක් ද ලදහොත් A = 48 ද B = 40 ද වී A ජයග්‍රහණය කරනු ඇත.


• Aට හෝ B ට කිසිම අමතර මනාපයක් නොලදහොත් A = 40, B = 35 බැවින් A ජයග්‍රාහකයා වේ.


• A හා B සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත්නම් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් කුසපත් ඇදීමක් මගින් අමතර ඡන්දයක් එක් අයෙකුට එකතු කරනු ඇත.


උපුටා ගැනීම - බීබීසී සිංහල

Ibnu Saheer
Ibnu Saheer Aug 24

ජනාධිපතිවරණය 2019: ආඥාදායකයකුට "සොඳුරු" විය හැකිද?


"පාලකයා පුද්ගල ස්වාධිපත්‍යයට (Personal autonomy), එනම් මහජනයාගේ ස්වාධීනත්වයට මූලිකත්වය සහ අවශ්‍ය පසුබිම සෑදිය යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වය ඇති කළ යුතුයි. ඒකයි ජනතාව පාලකයෝ පත් කර ගන්නේ. ඒ කර්තව්‍යය සඳහා ආඥාදායකයෝ අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ නීතියට ගරු කරන සහ රාජ්‍ය ප්‍රතිපත්ති ගැන පුළුල් දැනීමක් තිබෙන පාලකයෙක්."


"කෙසේවුවත්, අපේ රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට නායකයන් අසමත් වෙලා තියෙනවා. ඒ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාමාන්‍ය ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳිලා යයි. එතකොට ඔවුන් ආඥාදායක පාලකයෙකු කියන 'විකල්පය' දෙස බැලීම වැළැක්විය නොහැකියි."


"අපි ලොව පුරා උදාහරණ අරන් බැලුවොත් සිංගප්පුරුවේ ලී ක්වාන් යූ, මලයාසියාවේ ආචාර්ය මහතීර් බින් මොහොමඩ් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි ඒ රටවල නීතියේ ආධිපත්‍යය, සමාජ සාධාරණය සහ සාමාන්‍ය ජනතාවගේ අභිමානය වර්ධනය වුණා. ඒ, එම නායකයෝ බලයට කෑදර නොවුණු නිසා. ඔවුන්ට වැදගත් වුණේ තමන්ගේ රටවල් දියුණු කර ජනතාවට හොඳ සමාජයක් නිර්මාණය කිරීම. ඒ හේතුව නිසා ඔවුන් සාර්ථක වුණා," ආචාර්ය සමරකෝන් පැවසීය.


"අපේ රටේ විධායක ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළ ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ මහජන ඡන්දයෙන් තේරී පත් වුව ද බලය ක්‍රියාත්මක කළේ ආඥාදායකයන් ලෙස. ඒක සත්‍යයක්. නමුත් ඔවුන් ට දේශපාලන බල ව්‍යාප්තිය ගැන තිබු ආකල්ප නිසා මහජනයා බලාපොරොත්තු වන සොරකම, දූෂණය නැති කිරීම සහ නීතියේ ආධිපත්‍ය ස්ථාපනය කිරීමට ඔවුන් අපොහොසත් වුණා."



උපුටා ගැනීම - බීබීසී සිංහල

Ibnu Saheer
Ibnu Saheer Aug 24

Quote from Ibnu Saheer

දඹර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්- 'දළදාව වඳින්න පුළුවන් මීනි මරුවන්ට පමණද' ?


voicetube


https://yahahamuwa.yahamaga.com/blogs/post/75
Ibnu Saheer
Ibnu Saheer Aug 24


රාජපක්ෂවරු බලයට එන්න හදන්නේ ඇයි ? ඇත්ත නැත්ත අතාවුද සෙනවිරත්න මහතා පැහැදිලි කරයි.

Ibnu Saheer
Ibnu Saheer Aug 25


එක්සත් ජනපද පුරවැසිභාවය ප්‍රතික්ෂේප කළ බව ගෝටා නැවත අවධාරණය කරයි

The Forum post is edited by Ibnu Saheer Aug 25
Ibnu Saheer
Ibnu Saheer Aug 27
ජනපති අපේක්ෂකත්වයට සජිත්ව පත්නොකළහොත් කොළඹ වටලනවා


 ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පත්නොකළහොත් රට පුරා සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් කොළඹට කැඳවා කොළඹ නගරය වටලන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද (26) සවස තංගල්ලේ දී පැවසීය.


උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය

Ibnu Saheer
Ibnu Saheer Aug 28
ජනපතිවරණය ගැන හදිසි විය යුතු නෑ 


ජනාධිපතිවරණය නාමයෝජනා කැඳවීමට තවත් මාස දෙකකටත් වැඩි කාලයක් තිබෙන බැවින් ජනාධිපතිවරණය ගැන හදිසිවිය යුතු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 


උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය

Ibnu Saheer
Ibnu Saheer Aug 29


එදා දයාසිරි කියපු දේ අපට තෙරුනේ නැහැ -සරත් විජේසුරිය දායාසිරි ඉවරම කරයි

Pages: 1 2 3 »