ජාතියක් ලෙස අද අප සිටින තැන..? | Forum

Ibnu Saheer
Ibnu Saheer Oct 4
කොල්ලුපිටියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි 


කාන්තාවන් 23 දෙනෙකු යොදාගෙන ලාංකික කාන්තාවක් කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් අද (04) වටලා ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 


තායි කොල්ලුපිටිය පොලිසියේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් අනුව පොලිස් කොස්තාපල්වරයෙකු උපාය දූතයෙකු ලෙස යොදවා ගෙන මෙම ස්ථානය වටලනු ලැබුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව බව පොලිසිය පැවසීය. 


ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථායක් ලෙස නාම පුවරු ප්‍රදර්ශනය කර මෙම ගණිකා මධ්‍යස්ථානය රහසිගතව කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි. අත් අඩංගුවට ගත් තායි කාන්තාවන් අතර සංචාරක වීසා මත මෙරටට පැමිණි අයද සිටින බවත් ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 20 ත් - 40 ත් අතර පසුවන්නන් බවත් පොලිසිය පැවසීය.


උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය


The Forum post is edited by Ibnu Saheer Oct 4
Ibnu Saheer
Ibnu Saheer Oct 7
සෙරෙප්පුවේ සවිකළ දුරකතනයෙන් කතුන් වීඩියෝ කළ තරුණයා රිමාන්ඩ්


බලන්ගොඩ පුවක්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරැණයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 

ඊයේ (06) බලන්ගොඩ නගරයේ ඉරිදා සතිපොළට එළවළු මිලදී ගැනීමට පැමිණි කාන්තාවන් මෙසේ වීඩියෝ කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 

මොහු සතුව තිබූ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී එවැනි වීඩියෝ විශාල ප්‍රමාණයක් හමුවී ඇති බවද පොලිසිය කියයි.



උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය

The Forum post is edited by Ibnu Saheer Oct 7
Ibnu Saheer
Ibnu Saheer Oct 7


ඉවර නැති වර්ජනේ...

Ibnu Saheer
Ibnu Saheer Oct 10
වන්දනාවේ යන බව පවසා දේශපාලන රැස්වීස්වීමකට ගෙන ගියා යැයි පැමිණිල්ලක්


වන්දනාවක රැගෙන යන බව කියමින් අනුරාධපුරයට කැඳවාගෙන ගොස් එක්සත් ජාතික පෙරමුණේ රැස්වීමකට සහභාගි කරගත්තේ යැයි කියමින් ඇල්පිටියේ වැඩිහිටි සමිතියක සාමාජික පිරිසක් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මධ්‍යස්ථානයට පැමිණිලි කර ඇත. 


ඇල්පිටිය ප‍්‍රදේශයේ වැඩිහිටි සමිති කිහිපයකට අයත් සාමාජික සාමාජිකාවන් මෙසේ අනුරාධපුරයට ගෙන ගොස් ඇතැයි ද දෙදින වන්දනා ගමනක් බව කියමින් ඉකුත් පළමුවැනිදා බස්රථ 12 කින් අනුරාධපුරයට කැඳවාගෙන ගෙන ගිය බව ද ඔවුන්ගේ පැමිණිල්ලේ සදහන් ව ඇතැයි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය. 


 පළමු වැනිදා පෙරවරුවේ රුවන්වැලි සෑය වන්දනා කිරීමට අවස්ථාව ලබා දුන් බවත් අනතුරුව දේශපාලන රැස්වීමකට සහභාගි කරවූ බවත් ඔවුන් විසින් කළ පැමිණිල්ලේ සදහන්ව ඇති බවත් ඒ පිළිබදව සොයා බලා සිද්ධිය සත්‍ය යැයි තහවුරු කර ගත් බවත් ගජනායක මහතා කීය. 


එම වන්දනා ගමනේ අනුරාධපුරයට ගිය පසු රෝගාතුර වූ 73 හැවිරිදි මවක් එහි දී රෝහල් ගත කර දින පහකට පසු යළි ඇල්පිටිය නිවසට පැමිණි බවත් ඇය ද මෙම වන්දනාගමනට සහභාගි වූ අයෙකු බවට ඇගේ දියණිය දිවුරුම් පෙත්සමක් මගින් සනාථ කර ඇති අතර අදාල රෝහල් ඇද හිස්පත් වාර්තා ගෙන්වාගෙන එය තහවුරු කර ගත් බවත් හෙතෙම සදහන් කළේය. 


තම රෝගී මව අනුරාධපුර රෝහලේ සිට ඇල්පිටිය නිවසට යළි කැදවාගෙන ආවේ එම ගමන සංවිධානය කළ පිරිස් විසින් යැයි ද ඇගේ දිවුරුම් පෙත්සමෙහි සදහන් ව ඇතැයි ද ඔහු කියා සිටියේය. 


ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ අපේක්ෂකයෙක් විසින් මෙම වන්දනාගමන සංවිධානය කර ඇතැයි නිරික්ෂණය කළ බව ද ගජනායක මහතා කියා සිටියේය. 


තණබද්දේගම, කැටපොල, හිඹුටුගොඩ අල්පිටිය හා කුරුදුගහ හැතැප්ම යන වැඩිහිටි සමිතිවල සාමාජික සාමාජිකාවෝ මෙසේ වන්දනාවේ ගෙන ගොස් ඇති අතර කුරුදුගහ හැතැප්ම වැඩිහිටි සමිතියේ සාමාජික සාමාජිකාවෝ මේ පිළිබදව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධයස්ථානයට පැමිණිලි කර ඇත. 


මේ අතර වැලිපැන්න ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු විසින් කලූතර අපේක්ෂා වැඩිහිටි සමිතියේ සාමාජිකයන් 50 දෙනෙකු වන්දනාවේ ගෙන ගිය සිද්ධියක් පිළිබදව පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ සදහා වැය කර ඇති ලක්ෂ එක හමාරක පමණ මුදල රජයේ මුදල් බවට සැක කරන අතර ඒ පිළිබද තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම සදහන් කළේය. 


මෙසේ තහවරු කරගත් සිද්ධීන් පිළිබදව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බව ද ගජනායක මහතා කියා සිටියේය.



උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය

The Forum post is edited by Ibnu Saheer Oct 10
Ibnu Saheer
Ibnu Saheer Oct 10
අනුරාධපුරයේ ඓතිහාසික ජේතවන ස්ථූපයේ අකුණු සන්නායකයට හානි සිදුකොට ඊට නුදුරින් තිබෙන පෞරාණික අතින් වැදගත් යතුරු පොකුණ පතුලේ ගල් පුවරු ගැලවූ පුද්ගලයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය ඉකුත්දා (07) සවස අත්අඩංගුවට ගෙන ඇත.


උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය

Ibnu Saheer
Ibnu Saheer Oct 17

සිසුවියක් අපයෝජනය කළ සාම විනිසුරු අත්අඩංගුවට


දෙවිනුවර පොදු වැසිකිලිය වෙත ගිය 15 හැවිරිදි පාසල් සිසුවියක් බලහත්කාරයෙන් අපයෝජනයට ලක්කළ බව කියන සාම විනිසුරුවරයෙකු අද (16) සැකපිට අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.  


මාතර නගරයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවිය පාසල වෙත එන අතරතුරදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ. පොදු වැසිකිලිය අසල රැකසිට ඇති සැකකරු එක්වරම ඇගේ කට වසා ගෙන අපයෝජනයට ලක් කර තිබෙන අතර ඒ සමඟම ඇය ඔහුගේ ග්‍රහණයෙන් මිදී පලා ගොස් ඇති බව පොලිසිය කියයි.  


ඒ පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් පසු 55 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාපාරිකයෙකු වන ඔහු සාම විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කරන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 




උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය

The Forum post is edited by Ibnu Saheer Oct 17
Ibnu Saheer
Ibnu Saheer Oct 18
තම දියණිය ගැබිණියක් කළ තිදරු පියා රිමාන්ඩ්


තම බාලවයස්කාර 14 වියැති දියණිය බලහත්කාරයෙන් දූෂණය කිරීමේ චෝදනාව සැකපිට මස්කෙළිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් එම දැරියගේ පියා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ජෙයරාමන් ට්‍රොස්කි මහතා හමුවට පමුණුවනු ලැබීමෙන් අනතුරුව මෙම මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.  


මෙසේ රක්ෂිත බාරයට පමුණුවනු ලැබුවේ, මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ පදිංචි 43 හැවිරිදි තිදරු වතු කම්කරුවෙකි. දින කිපයක් තිස්සේ තමන්ට උදරා බාධයක් පවතින බවත්, මාසික ඔසප්වීම සිදු නොවුණ බවත්, 


මෙම දැරිය තම මවට ඉකුත් 14 වන දා පැවසීමෙන් අනතුරුව දැරියගේ මව විසින් දැරියට ප්‍රථිකාර ගැනීම සඳහා දික්ඔය මූලික රෝහල වෙත ගොස් තිබේ. එහිදී සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණවලදී මෙම දැරිය දෙමස් ගැබිණියක් බවට අනාවරණය වි ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලීසිය පවසයි. දික්ඔය රෝහල මගින් මෙම සිද්ධිය මස්කෙළිය පොලිසියට වාර්තා කිරීමෙන් අනතුරුව කළ පරීක්ෂණවලදී මෙම දැරිය පොලීසියට පවසා ඇත්තේ, 


තම පියා නිවසේ කිසිවෙකු නොසිටි අවස්ථාවේ දැනට මාස 03 කට පමණ පෙර අවස්ථා කිපයකදී තමන් බලහත්කාරයෙන් දුෂණය කළ බවයි. ඒ අනුව මස්කෙළිය පොලීසිය මඟින් දැරියගේ පියා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා ඇත. 


දැරිය දනට දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් පසු වන්නීය. මෙම දැරිය 09 වන වසරේ ඉගෙණුම ලබමින් සිටින අතර ඇයට පාසල් වයසේ පසුවන බාල සොහොයුරෙක් හා සොහොයුරියක් සිටිති. හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතාගේ උපදෙස් මත මස්කෙළිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජී.කේ.ඒ.ප්‍රේමසිරි මහතාගේ මෙහෙයවීමෙන් කාන්තා පොලිස් කොස්තාපල් නිර්මලා (5228) මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




උපුටා ගැනීම - 

අද දෙරණ වෙබ් අඩවිය


The Forum post is edited by Ibnu Saheer Oct 18
Ibnu Saheer
Ibnu Saheer Oct 26


මේ ගැන වික්ටර් අයිවන් කළ සම්පුර්ණ කතාව මේ ලින්ක් එකෙන් බලන්න https://www.youtube.com/watch?v=3YzbJ...

The Forum post is edited by Ibnu Saheer Oct 26
Ibnu Saheer
Ibnu Saheer Oct 30

හොරු අල්ලන්න ගොස් හොරුන්ට හසුවූ පොලිස් ලොක්කා

Ibnu Saheer
Ibnu Saheer Oct 30
දැරියකට අතවර කළ සීයා - සහෝදරයෙකු අත්අඩංගුවට


පස් හැවිරිදි දැරියක් අපයෝජනය කිරිම සම්බන්ධයෙන් ඇගේ 82 හැවිරිදි සීයා සහ 16 හැවිරිදි ඥාති සොහොයුරාද අද (29) අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. මෙම දැරියගේ පියා මවගෙන් නීත්‍යානුකුලව වෙන්වී වෙනත් කාන්තාවක් සමඟ විවාහ වී සිටින අතර දැරිය පියාගේ සොහොයුරියගේ නිවසේ පදිංචිව සිට ඇත. 


ඇගේ පියාගේ පියාද මෙම නිවසේ පදිංචිව සිට ඇත. එහිදී සීයා සහ නැන්දාගේ පුතා තමාට අතවර කරන බව දැරියගේ පියා සහ කුඩම්මා එම නිවසට පැමිණි විටක ඔවුන් දෙදෙනාට පවසා තිබේ. 


ඒ අනුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව දැරියගේ සීයා සහ නැන්දාගේ පුතා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා හෙට (30 ) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය


The Forum post is edited by Ibnu Saheer Oct 30
Pages: « 1 2