ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස අද අප සිටින්නේ කොතැනද? | Forum

Admin
Admin Aug 19
'පෙරදිග මුතු ඇටය' මේ අපේ රටට අතීතයේ හිමිව තිබූ සුන්දර නමකි. පාසැල් පෙලපොත් තුලින් ද අපට අපේ රට හදුන්වා දුන්නේ එලෙසිනි. 

එදා සැබෑවටම අප ලෝකයට ආදර්ශමත් ජාතියක් විය. 

නමුත් එදා එලෙස හැදිනූ අප රට අද තිබෙන්නේ කොතැනද? යන්න පිලිබදව අධ්‍යනය කරන විට මේ රට අද අවාසනාවන්ත ඉසව්වකට ගමන් කරමින් සිටින ආකාරයක් පැහැදිලිව දක්නට ඇත. එයට මේ රටේ දෛනික සමාජ සිද්ධීන් හොදින් සාක්ෂි දරයි. 

එවැනි සිද්ධීන් පෙලගැසීම මෙම මණ්ඩපයේ අරමුණයි. මෙහි ඉදිරිපත් කරන සිද්ධීන් මේ රටේ සමාජ පරිහානිය පිලිඹිබු කරනවා යන්න මාගේ විශ්වාසයයි. නමුත් කෙනෙකුට එම සිද්ධීන් හුදෙකලා සිද්ධීන් ලෙස ද අර්ථකතනය ද කලහැක. නමුත් සමස්ථ හුදෙකලා සිද්ධීන්වල එකතුව හා එයින් සමාජයට සිදුව ඇති හානිය බුද්ධිමත්ව විමසා බලන්නේ නම් එයින් මේ රට ගමන් කරන ඉසව්ව තීන්දු කිරීම අපහසු නොවේ.  

Share:
Ibnu Saheer
Ibnu Saheer Aug 21

2018 වසරේ දී රැකියාවන් සඳහා විදේශගත වී ඇති මුළු සංඛ්‍යාව 211,459ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙය 2017 වසරේ දී විදෙස් ගත මුළු ශ්‍රමිකයින් සංඛ්‍යාව වූ 211,992 හා සැසඳීමේ දී ඉතා සුළු පහළ යාමකි.

2018 සංඛ්‍යාවෙන් 129,774ක් පිරිමි පුද්ගලයින් වන අතර 81,685ක් කාන්තාවන් වේ. කෙසේ වෙතත් 2017 වසරේ දී රැකියා සඳහා විදෙස්ගත වී ඇති මුළු පිරිමි ප්‍රමාණය සටහන් වන්නේ 139,268ක් වශයෙනි. තවද 2017 වසරේ දී රට රැකියා සඳහා ගොස් ඇති කාන්තාවන් ප්‍රමාණය 72,724ක් ලෙසින් වාර්තා වේ.


උපුටා ගැනීම - දෙරණ

The Forum post is edited by Ibnu Saheer Aug 23
Ibnu Saheer
Ibnu Saheer Aug 23


මෙවැනි සිද්ධීන් කොතරම් නම් අපේ රටේ වාර්ථා වෙනවාද?

Ibnu Saheer
Ibnu Saheer Aug 24

දික්කසාද වීම්වල වැඩිවීමක්


දිනකදී ශ්‍රී ලංකාවේ විවාහක යුවළ 300ක් පමණ දික්කසාද වන බව සංඛ්‍යාලේඛන ඇසුරින් පෙනී යන්නේ යැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති වැඩසටහනේදී පැවසුවාය.


ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ දත්තවලට අනුව ද, දික්කසාදවීම්වල වැඩි වීමක් ඇති බව එයට අනුබද්ධ 'ආලෝකා' උපදේශන සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ භද්‍රා උඩවත්ත බීබීසී සිංහල සේවයට පැවසීය.


දික්කසාද නඩු සඳහා නීති උපදෙස් පතා එන සේවාදායකයන්ගෙන් 80%ක් පමණ කාන්තාවන් බව නීතීඥ මධූෂා විරාජිනී හෙට්ටිගේ බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
"පැමිණිලි පාර්ශවය වැඩි හරියක් එන්නේ කාන්තාවන්. අපි දැන් දකින තවත් විශේෂත්වයක් තමයි බොහෝ කාන්තාවන් ගෙදර දොර වැඩ සියල්ල කරළා, දරුවොත් බලාගෙන, රැකියාවට ගිහින් සැමියාටත් එක්ක කන්න බොන්න, අඳින්න දෙන එක. පවුලේ සියලු බර බිරිඳගේ කර මත දාලා, සැමියන් බීමට ඇබ්බැහි වෙලා, පසුව පවුලේ අයට ගහනවා, බනිනවා. මේක හරිම ඛේදජනක තත්වයක්."


"පොඩි රණ්ඩුවක් වුණත් බොහෝ දුරක් ගෙනියන්න මේ අය පෙලඹිලා ඉන්නවා. බෙදා ගැනීම්, දෙන්නා කතා කරලා එකඟතාවන්වලට එන එක විශාල විදියට අඩු වෙලා තිබෙනවා. ඒ වගේම බිරිඳ සහ සැමියා වෙනත් පිටස්තර පුද්ගලයන් සමග රහස් සම්බන්ධතා පවත්වන එක සෑහෙන වැඩි වෙලා තිබෙනවා."



උපුටා ගැනීම - බීබීසී සිංහල


The Forum post is edited by Ibnu Saheer Aug 24
Ibnu Saheer
Ibnu Saheer Aug 25
තුවාලකරු පාරේ දඟලද්දී ඌරා අරන් පැනලා  


...ඌරා ගැටීමත් සමග ඔහු විසි වී පසෙකට වැටී සිහි විසඥ වූ අතර ඌරා ද යතුරුපැදියේ ගැටී පසෙකට විසි වී තිබුණි. 


 ඒ සමගම ඒ ආසන්නයේ ත්‍රීරෝද රථයක ගමන්ගත් තරුණයන් තිදෙනෙක් අනතුර සිදු වූ ස්ථානයට පැමිණ යතුරුපැදිකරු දෙසට ගමන් කරන්නට වූ අතර, යතුරුපැදිය මාර්ගයේ ආසන්නයේ ස්ථානයක තබන්නට පියවරගෙන තිබුණි. ඒ සමගම යතුරුපැදිකරුගේ තත්ත්වය ඔවුන් විසින් පරීක්ෂා කර බලා ඔහු සිහි මඳ තත්ත්වයේ පවතින බව ද අවබෝධ කරගෙන තිබුණි. 


 ඒත් සමග තරුණයන් තිදෙනා යම් කතාබහක් සිදු කරන අයුරු සිහි එළවාගත් යතුරුපැදිකරු සිහිනෙන් මෙන් දකින්නට වූ අතර ඒ සමගම තමන් රෝහල් ගත කරන්න යැයි ඉල්ලීමක් කර තිබුණි. ඒ දෙස තරුණයන්ගේ අවධානය යොමු නොවූ අතර වහා ක්‍රියාත්මක වූ ඔවුන් වැටී සිටි ඌරා ද ත්‍රිරෝද රථයට පටවාගෙන වේගයෙන් ඉඟිල ගියේ තුවාලකරු මවිතයට පත් කරමිනි.


 උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය

Ibnu Saheer
Ibnu Saheer Aug 28
දක්ෂිණ අධිවේගයේ දැල් වැට කපා යකඩ වලට විකුණලා


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල හේවාගම පිවිසුම් සිට කොතලාවල පිවිසුම දක්වා ආරක්ෂිත වැටෙහි කිලෝ මිටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් සොරෙන් කපා විකුණා තිබූ බව කියන පස් දෙනකු ඊයේ (26) දින අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. දකීර්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් නිළාධාරින්ගෙන් ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හැකි වූ බවද පොලිසිය පවසයි.


 සැකකරුවන් පස්දෙනා විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටෙහි මීටර් 1800ක ප්‍රමාණයක තිබු ආරක්ෂිත දැල හා ජී.අයි බට සොරාගෙන ගොස් යකඩ මිලට ගන්නා මාලබේ හා කඩුවෙල වෙළඳසල් දෙකකට විකුණා තිබිය දී සොයා ගැනීමට හැකි වී ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව අත්තේ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30-37 ත් අතර වන පස් දෙනෙකි. 


උපුටා ගැනීම - ගොසිප් ලංකා වෙබ් අඩවිය

Ibnu Saheer
Ibnu Saheer Aug 29
සිසුන් 13ක් අපයෝජනය කළ ගුරුවරයාගේ වැඩ තහනම්


 බාල වයස්කාර ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 13දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ එම පාසැලේම සැකකාර ක්‍රීඩා ගුරුවරයාගේ වැඩ තහනමට ලක් කළ බව ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වෙළ මහත්මිය පැවසුවාය.  

වියලුව අධ්‍යාපන කළාපයට අයත් ගලඋඩ අල් නුරානියා විදුහලේ ක්‍රීඩා ගුරුවරයා වන රාමචන්ද්‍රන් රමේෂ් (44) නැමති පුද්ගලයාගේ වැඩ තහනම් කර තිබේ. 


උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය

Ibnu Saheer
Ibnu Saheer Aug 29
දරු දෙදෙනකු මරාදැමූ වයික්කාලේ ඛේදවාචකය


 “අනේ, දෙවියනේ මගේ දරුවෝ දෙන්න මට නැතිවුණා. ඒ අහිංසක දරුවො මොන වරදක් කළාට ද මෙහෙම අපරාධයක් කළේ. එයාලගෙන් කාටවත් කරදරයක් නැහැ. තමන්ගේ පාඩුවෙ ඉගෙන ගත්තා” යැයි පාපතරයකුගේ කඩු පහරට ලක්ව මියගිය දරුවන් දෙදෙනාගේ මව වූ නිල්මිණි ප්‍රනාන්දු මහත්මිය හඬා වැලපෙමින් පැවැසුවාය.  

තම දරුවන් දෙදෙනා සදහටම වෙන්වීමෙන් ඇතිවූ කම්පනයෙන් මවගේ මුවින් පිටවන අඳෝනාව කිසිවකුටත් අසාගෙන සිටිය නොහැකිය. 

මෙම ඛේදජනක සිදුවීම අපට වාර්තා වූයේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයෙනි.  

නිවසේ සෙල්ලම් කරමින් සිටි මල්ලී සහ අක්කා පාපතර මිනිසකුගේ තියුණු කඩුපහරකට ගොදුරු වූයේ මුඵ ප්‍රදේශයම එකම ශෝඛාන්තයකට ඇද දමමිනි. මොවුන් පදිංචි වී සිටින නිවෙස අසල පිහිටි වෙළඳසලකින් ගලා එන ජල පහරක් සම්බන්ධයෙන් කාලයක සිට ඇතිවූ ගැටලුවක් මෙම ඝාතන සිද්ධියට මුල්වී ඇතැයි පොලිසිය සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කීය.


උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය 

Ibnu Saheer
Ibnu Saheer Sep 1
පුතුගේ පහරින් පියා මරුට


තම පුතු විසින් එල්ල කළ පහරදීමකින් 54 වන වියේ පසුවන පියෙකු ඔවුන් පදිංචි නිවස තුළදීම ඊයේ (30) රාත්‍රි මිය ගොස් ඇති බව පල්ලම පොලිසිය කියයි. 

මෙසේ මිය ගොස් ඇත්තේ ආඩිගම පෙරියමඩුව ප්‍රදේශයේ විසු මිරියාගම කංකානමලාගේ ධර්මසිරි (54) නමැති දෙදරු පියෙකි. මෙම මරණ සම්බන්ධයෙන් ඔහුගේ 31 වන වියේ පසුවන පුතෙකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි. 


 උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය

Ibnu Saheer
Ibnu Saheer Sep 2
රාජ්‍ය නිලධාරීන් 70 ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවීමට යයි 


ලිංගික අපයෝජන, නීතිවිරෝධී ලෙස බලපත්‍රදීම ආදී චෝදනා ලැබූ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් 70 දෙනකු ඉදිරි දිනකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

අදාළ නිලධාරීන්ට එරෙහිව දැනටමත් විමර්ශන පවත්වා ඇති බවත් ඔවුන් දැනට දරන ධුරවලින් ඉවත්කර ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනු ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අදාළ නිලධාරීන්ට එරෙහිව විමර්ශනවලට අනුමැතිය දී ඇති බව ද වාර්තා වේ.


උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය

Ibnu Saheer
Ibnu Saheer Sep 12


කෘෂි රසායන භාවිතය පිළිබඳ

ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට අනතුරු අඟවයිආසියානු කලාපයේ ඉහළම තැන ඉන්නේ ශ්‍රී ලංකාව

අන් රටවලට වඩා අට ගුණයක් වැඩියි

වකුගඩු රෝගීන් වැඩිවීමටත් හේතුවක්

පිළිකා-දියවැඩියාවටත් බලපානවා

රට පුරාම රෝග පැතිරීමේ අවදානමක්

Ibnu Saheer
Ibnu Saheer Sep 12

..?

Ibnu Saheer
Ibnu Saheer Sep 18

දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ ඉංග්‍රීසි ගුරුවරයා රිමාන්ඩ්


ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පානදුර ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයාගේ නිවසට ගිය දැරියන් දෙදෙනෙකුට එම ගුරුවරයා ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිලිගත් හෙයින් මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා අද (18) නියෝග කළේය.


මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පානදුර කුරුස හන්දිය ප්‍රදේශයේ පදිංචි36 හැවිරිදි පිරිවෙන් ගුරුවරයෙකි.


එදිනට චෝදනා පත්‍ර ගොනු කරන ලෙසද දැරියන් දෙදෙනා වෛද්‍යවරයෙකු හමුවට යොමු කර එදිනම වාර්තාව ඉදිරිපත් කරන ලෙසද වැඩිදුරටත් නියෝග කළේය.


පැය දෙකක කාලයක් ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා සැකකාර ගුරුවරයාගේ නිවසට දැරියන් ඉකුත් 16 වැනිදා ගොස් තිබූ අතර එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ගුරුවරයා පමණක් බවද එම දැරියන්ගෙන් ප්‍රකාශ වලින් හෙළි වූ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.


උපුටා ගැනීම - http://www.lankadeepa.lk/news/%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7-%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A-%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB-%E0%B6%9A%E0%B7%85-%E0%B6%89%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92-%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A/101-557213

Ibnu Saheer
Ibnu Saheer Sep 21


මාස තුනක් පමණ වයසැති සුනඛයෙකු දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

The Forum post is edited by Ibnu Saheer Sep 26
Ibnu Saheer
Ibnu Saheer Sep 26
දැරියක් ඇඳුම් මාරු කරන අයුරු රූගත කළ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට


තම සොහොයුරිය නාන කාමරයේ ඇඳුම් මාරු කරන අයුරු වීඩියෝ කර ඇති බව දැනගැනීමෙන් පසු ඇයගේ සහෝදරයා විසින් වරාය පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර පොලිස් කොස්තාපල්වරයා හෙට (24) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

#h#2#h#

උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය

Ibnu Saheer
Ibnu Saheer Sep 26

Quote from Ibnu Saheer

..?


හොරෙව්පොතාන ශ‍්‍රී ස්වර්ණතිලකාරාම මහ පිරිවෙනෙහි සාමනේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ රිමාන්ඩ් ගත කර සිටි සැකකරුට වසර එකහමාරක සිර දඬුවමක් නියම කළ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු, මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා එම සිර දඬුවම වසර 5කට අත්හිටුවීමටද නියෝග කළේය. 

ඊට අමතරව සැකකරුට රුපියල් 1,000ක දඩයක්ද නියම කෙරිණ. 

මෙසේ දඬුවම් නියම වූයේ හොරොව්පොතාන මැදගම පදිංචි චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමැත්තෙකුටය.


උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය

Ibnu Saheer
Ibnu Saheer Sep 27
‘‘වසර දහයක් තුළ තරුණයින් ලක්ෂ 25 ක් රට හැර ගිහින්‘‘


2009 සිට මේ දක්වා වසර දහයක කාලය තුළ ලක්ෂ 25 ක තරුණ පිරිසක් රැකියා සඳහා විදේශගතව ඇති බවත් ඔවුන්ගෙන් සමහර පිරිස් නැවත නොපැමිණෙන බවත් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.


‘‘කිසිදු යුද ගැටුමක් නැති පසුගිය වසර දහය තුළ ලක්ෂ 25 ක් රට දාලා ගිහින් තියෙනවා රැකියා කරන්න. එසේ ගිය සමහරු ආපසු එන්නේ නෑ. ඒකෙන් පොඩි හෝ වෘත්තිය සුදුසුකමක් තියෙන පිරිස ලක්ෂ 10 ක්.- කවුරු මොනව කිව්වත් අද මේ රටේ ලොකු ශ්‍රම හිඟයක් තියෙනවා.අද විශාල වශයෙන් වෘත්තියවේදීන්ගේ ප්‍රශ්නයක් මතු වෙලා තියෙන්නේ මේ නිසයි.


වෛද්‍යවරු ඉංජිනේරුවරු ගණකාධිකාරිවරුන් ආදී වෘත්තිය සේවාවල රටේ සේවයේ ඉන්නේ 52,000 යි ඒවගේම මේ පසුගිය අවුරුදු දහයට වෛද්‍යවරු ඉංජිනේරුවරු ගණකාධිකාරිවරුන් ආදී වෘත්තිකයින් තවත් 52,000 ක් පිටරට ගිහිල්ලත් තියෙනවා. ඒ නිසා අපට පේනවා රටේ දැන උගතුන්ගේ ප්‍රශ්නයක් උගත්තු රට හැර යන තත්වයක් ඇති වෙලා තියෙනවා.



උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය


The Forum post is edited by Ibnu Saheer Sep 27
Ibnu Saheer
Ibnu Saheer Oct 1

ලක්ෂ 10ක ගබ්සා පෙති තොගයක් අත්අඩංගුවට


රුපියල් ලක්ෂ 10 ට අධික වටිනාකමින් යුතු, නීති විරෝධී ගබ්සා පෙති තොගයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් බම්බලපිටියේ ඖෂධ අලෙවිහලකින් අද (30) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව එම අධිකාරිය පවසයි. 


මෙම ස්ථානය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් හා පොලිසිය එක්ව මෙම වැටලීම කර තිබුණි. මෙය බලපත්‍රලාභී ඖෂධ අලෙවිසැලක් බවත්, සැකකරු සෙසු ඖෂධ අලෙවි කරන අතර ගබ්සා පෙති අලෙවි කර ඇති බවත් එම අධිකාරිය පවසයි. මෙම ගබ්සා පෙති රුපියල් 8,000- - 10,000ත් අතර මුදලකට අලෙවි කර ඇතැයිද අනාවරණය වී තිබේ.


ලංකාදීප - ලංකාදීප වෙබ් අඩවිය

eDoc
eDoc Oct 3

සමස්ත ජාලයම බිඳවැටිලා


නිදහස ලබන විට එනම් 1948 වන විට දකුණු ආසියාවේ පොහොසත්ම රට ලංකාවයඑකල වැඩිම විදේශ විනිමය සංචිත හිමි රටද ලංකාවම විය. එහෙත් නිදහස ලබා වසර 71 ක් ගතවන 2019 වන විට, රට තිබෙන්නේ ආර්ථිකමය වශයෙන් ඛේදවාචකයකය. 

ඒ අංශ කීපයකිනි. අද දකුණු ආසියාවේ පහළම ආර්ථික වර්ධනය තිබෙන්නේ ලංකාවේය. එසේම අද රටේ පවතින්නේ විශාල ණය බරක් සහිත ආර්ථිකයකි. නවසිය හතළිස් අට (1948) වන විට ලංකාවට වඩා බොහෝ පසුපසින් සිටි අනෙකුත් රටවල් අද වනවිට ලංකාව පසුකරගෙන ගොස් විශාල ආර්ථික වර්ධනයක් අත්කරගෙන තිබේ. 

මේ වනවිට බංග්ලාදේශය ද සිටින්නේ අපට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. ලංකාවේ ආර්ථිකය මෙසේ කඩාවැටීමට බලපෑ හේතුසාධක රාශියකි.


උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය

eDoc
eDoc Oct 3

Quote from Ibnu Saheer


මාස තුනක් පමණ වයසැති සුනඛයෙකු දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Pages: 1 2 »